The Basic Rules of java

ජාවා වල මුලික නීති

ජාවා වල නීති කිහිපයක් පවතී.ඒවා මෙසේය.  


1.ජාවා වැඩසටහනක public class එකක්ද එය තුල main class එකක්ද තිබිය යුතුය.


2.public class එකේ  නම සෑම විටම File name (save කරන නම) එකට සමාන විය යුතුය. උදාහරණයක්‌ ලෙස පහුගිය පාඩමේ save කරන ලද නම ගමු.එහිදී FirstLesson යනුවෙන් ලබා දී ඇත. මෙහි මුල් අකුර capital වනවා වගේම මැද අකුරදcapital වේ. එය එලෙසම save කරන විට ලබාදිය යුතුය. 


3.public class එක තුල main class එක පිහිටුවන ප්‍රධාන කේතය 
public static void main (String args [ ] ) JVM එකෙන් කෙලින්ම සොයා ධාවනය කරන්නේ මෙම main class එකයි.ඉදිරි පාඩම් වලදී මෙය ඉතා හොඳින් පැහැදිළි වනු ඇත.


4.class එකක් ආරම්භ කළ යුත්තේ ඉංග්‍රීසි අකුරකින් පමණකි. එය capital වීම අත්‍යවශ්‍ය නොවේ. ඉලක්කම් භාවිතා කළ හැක්කේ පළමු අකුරට පසුව පමණි.


5.class name එකක් සෑම විටම තනි වචනයක් විය යුතුය.වචන අතර හිස්තැන් භාවිතා කළ නොහැක. විශේෂ සලකුණු (@ , + , " " ,...) කිසිවක් භාවිතා කළ නොහැකි අතර _ සලකුණ පමණක් භාවිතා කළ හැක.

Unknown

Author & Editor

Has laoreet percipitur ad. Vide interesset in mei, no his legimus verterem. Et nostrum imperdiet appellantur usu, mnesarchum referrentur id vim.

0 comments:

Post a Comment